Saturday, April 3, 2010

URL එක දිගවැඩිද?

ඔබේ වෙබ් පිටුවත් වචන සියගනනක් තියන මතක තබාගන්න අමාරු වර්ගයේ එකක්ද? එම දිග වෙබ් ලිපිනය වචන කිහිපයකට කෙටිකරගන්න කැමතිද? එහෙනම් මම ඔබට ඒ සදහා පහසු මං දෙකක් කියල දෙන්නම්. ඔබට අවශ්‍යවන්නේ පහත ඇති වෙබ් අඩවි දෙකෙන් එකකට ගොස් ඔබගේ දිගු වෙබ් ලිපිනය ලබාදීමයි. ඔබට අවශ්‍ය පරිදි ඔවුන් එය කෙටි කර දේවි.

http://www.dot.tk/

http://tinyurl.com/

Sunday, February 7, 2010

Recover Software

පරිගණකය එක්ක වැඩ කරගෙන යන වෙලාවට අපිට දරාගත නොහැකි දෙයක් තමයි දත්ත හානි වීම. ගොඩක් වෙලාවට දත්ත හානීවීම් සිද්ධවුනහම දත්ත ඒ ආකාරයෙන්ම ලබාගන්න බැහැ. ඒ වගේම ඒ සදහා සෑහෙන කාලයක් මුදලක් නාස්ති කරන්න වෙනවා.

එහෙම කරදරකරයක් වුනොත් ඒකෙන් මිදෙන්න අළුත් රිකවරි මෘදුකාංගයක් ගැන කියන්නයි මම ලෑස්තිවෙන්නෙ. මේක හදුන්වන්නෙ Nucleus Kernel for FAT and NTFS නමින්. අනෙක් රිකවරි මෘදුකාංග එක්ක බලනකොට ගොඩක් ඉදිරියෙන් තියන්න පුළුවන් එකක් තමයි මේක.

ඒකට හේතු කිහිපයක් තියනවා.

· ඕනැම File System එකක File Recover කිරිමේ ඇති හැකියාව

· සියළුම Files, Folder Structure එකට අනුව නැවත ලබාදීම

· නැවත Partition කර තිබුනද ඒ Files වෙන වෙනම පෙන්වීම

මෙම මෘදුකාංගය මේ යොමුවෙන් බාගත කරගත හැකියි. අවශ්‍යය වැඩි විස්තරත් එතනම ඇති. (මේ මෘදුකාංගයේ Cracks ඕනෙ තරම් තියනවා. උත්සාහ කරල බලන්න)

Tuesday, January 5, 2010